ඉයර්ෆෝන් කනේ ගහන් පාරේ ගියොත් නඩු
ඉයර්ෆෝන් (Earphones) පැලඳ මාර්ගයේ ගමන් කිරීම නිසා පදිකයන් අනතුරට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් එවැනි පදිකයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල පවසයි.