තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
Walk for peace Program Sri Lanka වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බැවින් හෙට ඊට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කර තිබේ.
එම වැඩසටහන හෙට (28) දිනයේ දී සවස 04.00 ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
විශේෂ රථවාහන සැලැස්‌මට අනුව හෙට දින උදෑසන 11.00 සිට පහත දැක්වෙන මාර්ග වල අවස්ථානුකූලව ඇති වන තත්ත්වයන් අනුව වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇත.
බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්‌ගය බොරැල්ල හන්දිය දක්වාත්,මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ් පෙදෙස, සොයිසා වට රවුම, ලිප්ටන් වටරවුම, ධමපාල මාවත, එෆ්. ආර් සේනානායක මාවත, සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, හෝර්ටන් වටරවුම, නන්දා මෝර්ටස්, නිදහස් මාවත, ප්‍රේමසිරි කේමදාස මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, ග්ලාස් හවුස්, මාර්කස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, මල්පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර, බේබෘක් විදීය, ස්ටැපල් වීදිය, ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගය ඇතුළු ගංගාරම විහාරස්ථානය අවට මාර්ග.
මෙම කාල සීමාව තුල ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්‌ග භාවිතා කරන ලෙසට ශ්‍රී ලංකා පොලීසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.