දීපාවලී වෙනුවෙන් පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩුවක්
හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර ඇත.
මාතර - තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බස් රථ දෙකේ ගමන්ගත් පුද්ගලයින් 40ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඉන් 25 දෙනෙකු මාතර මහ රෝහලටත් සෙසු පිරිස බතීගම ප්‍රදේශීය රෝහලටත් ඇතුළත් කර තිබේ.
ගාල්ල - අම්පාර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල මාතර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් අද (26) උදෑසන 7.45ට පමණ මෙලෙස අනතුරට පත් විය.
අනතුරට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර ඇත.
දීපවාලි උත්සවය හේතුවෙන් අද(06) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.
දුම්බර බන්ධානාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.