විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේනගේ සහ ජ්‍යෙස්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය 08 වනදා පියවර ගෙන තිබේ.
බිළිඳෙකු මියයාමේ සිදුවීම පදනම් කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය මූලික විමර්ශනයක් ආරම්භ කර තිබිණි. අදාළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සූතිකාගාරයේදී මවක අප්‍රේල් 09 වනදින පෙරවරු 8.45ට පමණ දරු ප්‍රසූතියේදි දරුවාට අසූචි පෙවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නේවාසික වෛද්‍යවරිය අවස්ථා 06ක් දැනුවත් කර තිබුණද ඊට සහභාගී නොවී රාජකාරි පැහැර හර ඇති බවත්ය.
එමෙන්ම එම දරු ප්‍රසූතිය සඳහා සහභාගී නොවීමෙන් ඇයගේ කුසේ සිටි දරුවාට අනතුරක් සිදුවීමට ඉඩ හැරීම හා එම කාලය තුළදීම ආසන්න පෞද්ගලික රෝහලක වෙනත් මවකගේ සිසේරියන් සැත්කමක් සිදු කිරීමට අදාළ වෛද්‍යවරයා සහභාගී වී ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව, රාජකාරි වේලාවේදී පෞද්ගලික සේවයේ යෙදීම යන චෝදනාවද තහවුරු වී ඇති අතර එම අවස්ථාවේදී රෝහලේ රාජකාරි සිදුකළ බවට දිනපොතේ අසත්‍ය සටහනක් යෙදීම යන කරුණුද අනාවරණය වී තිබේ.
මෙලෙස ඔවුන් විසින් සිදුකරන ලද විෂමාචාර ක්‍රියා හේතුවෙන් මෙම වැඩ තහනමට අදාළ වෛද්‍යවරුන් ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පියවර ගෙන ඇත.
මෙම ප්‍රසව හා නාරිවේද විශෙෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති බවද වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.