------------- 11.35 ------------- Update
මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ යළි ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ පිරිස අතරින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් තිදෙනෙකු බන්ධනාගාර නිලාධාරීන් වන බව වාර්තා වේ.
------------- 11.19------------- Update
මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ යළි ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන් දෙදෙනෙකු ආරක්ෂක නිලධාරීන් වන බව රෝහල් අධ්යක්ෂවරයා පැවසීය.
බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදි බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබුණි.
ගැටුමෙන් තුවාල ලැබූ 35ක පමණ පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ නිලධාරීන් බව සඳහන්ය.
ඇතිවු තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව පොලීසියට අමතරව මීරිගම, වේයන්ගොඩ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින් ද නිලධාරීන් කැඳවීමට කටයුතු කළ බව වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්යය බළකාය ද බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනුයුක්ත කර තිබේ.
නොසන්සුන් තත්ත්වය පාලනයට ආරක්ෂක අංශ වෙඩි ප්රහාර කිහිපයක් එල්ල කර තිබුණි.
මේ අතර ඊයේ (05) සවස බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවයෙන්ද රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු පමණ තුවාල ලැබීය.
adaderana.lk