කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සහ හෙරෝයින් තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි 6 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3.94ක් ඔහු සන්තකයේ තිබියදී හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 215ක් සහ මුදලින් රුපියල් 650,000ක මුදලක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සොයාගෙන ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.