ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස පැවසුවේ ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බවත් ගමන් බලපත්‍ර, එක්දින ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතින බවත් ය.

එමෙන්ම මේ වන විට කඩිනමින් නිකුත් කළ යුතු සහ ඉතාම අත්‍යවශ්‍ය සැපයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද පැවසූ ඔහු කියා සිටියේ දෙපාර්තමේන්තුවේ ශාඛා ජාලයන්හී කටයුතුද මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවය.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.