කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපත්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් ගොනු කර තිබුණි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.