අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර පවසයි.

මෝටර් රථ පරීක්ෂකවරුන් සමඟ එක්ව අධික කළු දුම නිකුත් කරන වාහන හඳුනාගෙන ඒවා පරීක්ෂා කර පොලිස් භාරයට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

එවැනි වාහනයක් මාර්ගයේ ධාවනය වන අවස්ථාවකදී, ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා ජනතාවටද අවස්ථාව ලබා දී ඇති බවත් 070 3500525 යන WhatsApp අංකයෙන් අදාළ වාහනයේ අංකය හෝ වීඩියෝ පටයක් යොමු කිරීමෙන් පැමිණිලි කළ හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

එම තොරතුරු අනුව,මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් විසින් අදාළ වාහන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.