රුපියල් ⁣කෝටි පහකට අධික වටිනාකමකින් යුතු හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොලහක් සමග පුද්ගලයකු මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම සිදුකර ඇත්තේ විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විට දී විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදුකළ පරීක්ෂාවේදී ඔහු සතුව තිබී හෑෂ් කිලෝග්‍රෑම් හයක් සොයාගෙන තිබේ.

අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ නිවසේ තිබී තවත් හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සොයාගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.

සැකකරු මිනුවන්ගොඩ පොලිසියට බාර දී තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.