මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඊයේ(20) පස්වරුවේ සිට සතියක කාලයක් සඳහා එනම් ජූලි 26 වන දින දක්වා එම ගුවන් ගමන් අත්හිටවූ බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරන්නේ.

කුවේට් ගුවන් කලාපයේ ආරක්ෂක සහ නිරුපද්‍රිතතාව පිළිබඳ කළ විශ්ලේෂණයෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා 1979 ක්ෂණික දුරකථන අංකය හරහා හෝ +94 11 777 1979 හෝ +94 74 444 1979 යන වට්ස්ඇප් අංකයට කෙටි පණිවුඩයක් යොමු කළ හැකි අතර ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.