වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ජූලි මාසය තුළ පමණක් රෝගීන් 7,038ක් වාර්තා වී ඇති බව එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේය.

සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් සියයට 52.40ක ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් ගණන 12,663කි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,582ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,191ක් වාර්තා වී ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.