නාමල්ට අල්ලස් දුන් චෝදනාවට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (05) පස්වරු 6.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 214ක් අතුරුදන්ව ඇත.
පවුල් 586,464කට අයත් පුද්ගලයින් 2,082,195ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 232ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් ,කුරුණෑගලින් මරණ 61ක් හා කෑගල්ලෙන් සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් මරණ 60ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇත.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 81දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 35ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 41, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 11 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.
එමෙන්ම පවුල් 43,715ක පුද්ගලයින් 152,537ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.