එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේදී ඉරාන යුද නෞකාවක් ටෝපිඩෝවකින් ගිල්වා දමයි
"ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිත යැයි සිතූ ඉරාන යුද නෞකාවක්" එක්සත් ජනපදය විසින් ඉන්දියන් සාගරයේදී, ගිල්වා දැමූ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබේ.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ පවසා සිටියේ ඉදිරි පැය 24 තුළ දී මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උතුර, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව උතුරු පළාතේ මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන ප්‍රදේශවලට මි.මී 75 - 100ත් අතර, වැසි ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපකල්පනය කර ඇත.
එසේම උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවලට මි.මී 50 - 75ත් අතර වර්ෂාපතනයක් බලාපොරොත්තු වේ.
නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි හෝ මි.මී 100ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය කර ඇත.
එසේම සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට විටින් විට ගිගුරුම් සහිත වැසි සහ මි.මී 100ක පමණ වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.
මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවලට මි.මී 75 - 100ත් අතර වැස්සක් අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළම බලාපොරොත්තු විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ පැවසීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළමනාකරණය කරනු ලබන වැව් සහ ජලාශවල ජලය 80%ක් - 90ක් අතර ප්‍රමාණයක් පිරී ඇති බවත් ඒ අනුව අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවත් ඔහු කියා සිටියේය.
මේ අතර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථානවෙත ගමන් කරන ලෙසත් අධ්යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.
මෙම තත්ත්වය තුළ යම් ආපදාවක් ඇති වුවහොත් යුද හමුදා කණ්ඩායම් 80ක්, නාවික හමුදා බෝට්ටු සහ ගුවන් හමුදාව විසින් වීරවිල, පලාවි, රත්මලාන, හිඟුරක්ගොඩ, අනුරාධපුර යන ස්ථානවල හෙළිකොප්ටර් යානා ස්ථානගත කර ඇතැයි ද පැවසු සම්පත් කොටුවේගොඩ මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද හදිසි අවස්ථාවක් සඳහා සුදානමින් සිටින බවද පැවසීය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
"ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිත යැයි සිතූ ඉරාන යුද නෞකාවක්" එක්සත් ජනපදය විසින් ඉන්දියන් සාගරයේදී, ගිල්වා දැමූ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබේ.
ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්ව ඇති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු පමණ මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එමින් පවතී.
මැද පෙරදිග පවතින තත්ත්වයට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.