දැඩි නියං තත්වය නිසා යාල වැසේ
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ, ඒ අශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද (06) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.