කලාකරුවන්ට චීන ආධාර යටතේ නිවාස : අයදුම්පත් කැඳවයි
චීන ආධාර යටතේ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කලාකරුවන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සිටින කලාකරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය මීට පෙර ලිඛිතව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබුණි.
එහිදී නීතිඥ සංගමය අවධාරණය කර ඇත්තේ, මේ අවස්ථාවේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමඟද සාකච්ඡාවක නිරත වූහ.
එම සාකච්ඡාවෙන් අනතුරුව රජීව් අමරසූරිය සඳහන් කළේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස තමන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වාත් සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
චීන ආධාර යටතේ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කලාකරුවන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සිටින කලාකරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සම්මානලාභී හොලිවුඩ් නිළියක මෙන්ම ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ තානාපතිවරියක වන රොසමුන්ඩ් පයික්, ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ඉහළින් අගය කරමින් එය ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස හඳුන්වා තිබේ.
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පවසයි.