ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම් ජනාධිපතිවරයා මෙම ගල් අඟුරු වංචාවට සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින(2) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

"මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් අර යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වගේමයි.පොකට් ගහන එක්කෙනා පික්පොකට් එක ගහලා මෙන්න හොරෙක් මෙන්න හොරෙක් කියලා දුවනවා.ඉතින් ගමේ හැමෝම විදිහේ හැමෝම පික්පොකට් කාරයා පස්සේ දුවනවා හොරා අල්ලන්න.බලද්දී පික්පොකට් එක ගහලා තියෙන්නේ අනිත් කෙනාට හොරා කියපු කෙනා.මේ අණ්ඩුවත් අන්න එහෙම තමයි. අපි හැමෝම දකිනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අය ආරක්ෂා කරන්න කටයුතු කරනවා.ජනාධිපතිවරයාගේ හැම ප්‍රකාශයක්ම ජනාධිපතිවරයාගේ හැසිරෙන විදිය බැලුවම සහ ඔවුන්ව ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා  සහ ආණ්ඩුව ගන්න හැම ක්‍රියා කලාපයක්ම බැලුවම පැහැදිලි වෙනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නවා.මොකද ඔය කියන පුද්ගලයා මේ රටේ ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති කාලයේ අමාත්‍යාංශයට ගේන්නේ.ඉතින් ඒ ගෙනල්ලා පහු කාලීනව ඔහුට දැන් අධි චෝදනත් ලැබිලා තියෙනවා කරපු වංචාවක් සම්බන්ධයෙන්.ඒ හා සමාන වංචාවක් දැන් ගල් අඟුරු ගෙනල්ලත් සිද්ධ කරලා තියෙනවා.ඉතින් කලින් ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකොට රජයේ ඉහළ තනතුරකට පත් කරලා පහු කාලීනව අධි චෝදනාවත් ලැබිලා දැන් ඔහුව කැබිනට් ඇමතිවරයෙක් කරලා බාල ගල් අඟුරු  ගෙනල්ලා තවදුරටත් ඔහුව ආරක්ෂා කරනවා නම් ජනාධිපතිවරයාට මේක බැලූ බැල්මට වංචාවක් ලෙස පේන්නේ නැත්නම් පැහැදිලිවම මේ වංචාව පිටුපස්සේ ඉන්නේ මේ රටේ විධායක ජනාධිපති අනුර දිසානායක මහත්තයා.

පැහැදිලිවම මේ රටේ ජනතාව මුහුණ දෙන අභියෝගයන් අපහසුතාවයන් පිළිබඳව ආණ්ඩුවට හැඟීමක් නැතුව තීන්දු තීරණ ගන්න පාටක් පේනවා.අපි දැක්ක පහුගිය කාලසීමාවන් වලදී මෙවැනි අභියෝග වලට අපි මුහුණදුන්නම යම් සාධනීය විදියට අපි ජනතාව දිහා බැලුවා.අද තෙල් මිල වැඩිවෙනවා හැබැයි ඒ තෙල් මිල වැඩිවීමට සාපේක්ෂව රාජ්‍ය සේවකයාගේ වෛද්‍යවරයන්ගේ හෝ අත්‍යාවශ්‍ය සේවා  සපයන්නන්ගේ දීමනා වැඩි කරලා නෑ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා පැත්තක තියමුකෝ අඩුම තරමේ අත්‍යවශ්‍ය සේවාවන් සපයන වෛද්‍යවරු වෙන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවේ අය වෙන්න පුළුවන් ඒ වගේම මේ රටේ අනෙකුත් දෙපාර්තමේන්තු වල ප්‍රාදේශීය සභාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වැඩි වන තෙල් මිලට සාපේක්ෂව දීමනා වැඩි වෙලා නෑ.ඉතින් ඒ අය අද දැඩි අසීරුතාවයකට මොනුණ දීලා තියෙනවා.තවත් පැත්තකින් මේ රටේ ජීවන වියදම වැඩි වෙනවා.හැබැයි ජීවන වියදම් පාලනයට ආණ්ඩුවට කිසිම විදුමක් නෑ.පහුගිය කාලේ කෘෂිකර්ම අමාත්‍යවරයා කිව්වා හාල් ඕන තරම් තියෙනවා කියලා.හැබැයි දැන් වෙනකොට පාරිභෝගික ඇමතිවරයා හාල් පිටරටින් ගේන්න ලෑස්ති වෙනවා.ඉතින් ගොයම් කැපෙනකොටම හාල් පිටරටින් ගේනකොටම අපිට හිතා ගන්න පුළුවන් අහිංසක ගොවියන්ගේ වි වලට මොකක්ද වෙන්නේ ඒ වගේම අපි දන්නවා මේ යුධමය තත්ත්වයත් එක්ක පොහොර සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගෙන්න තියෙනවා.ඉතිං ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට විකල්ප වැඩපිළිවෙළ මොකක්ද ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද ඒ පිළිබඳව ගොවි සංවිධාන එක්ක  සාකච්ඡා කෙරුවද තවත් පැත්තකින් අද මේ සියලුම දේවල් ජනතාව පිට පටවනවා මේ සියලුම බර ජනතාවට දෙනවා.අපි දැක්කා කොවිඩ් වසංගතය වෙලාවේ අපහසුතාවයෙන් උනත් අඩු ආදායම ලබන ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුව කටයුතු කලා.පන්දාහේ දීමනාව කිහිප වාරයක් ලබා දුන්නා.ඒ තුළින් ආණ්ඩුවට යම් පාඩුවක් සිද්ධ වුණා හැබැයි ජනතාවගේ  ජීවත්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුනා.අද ලෝකේ හැම රටකම අපිි දකිනවා මේ ආකාරයෙන් ජනතාව ජීවත් කරවීමේවැඩ පිළිවෙලක් ආණ්ඩු ක්‍රියාත්මක කරනවා. ලෝකයේ අපේ කලාපයේ රටවල් ගත්තත් එහෙමයි.හැබැයි ඉතින් අපේ ආණ්ඩුව සුපුරුදු පරිදි තමන්ගේ ගල් අඟුරු වංචාවේ පාඩුවක් ජනතාව පිට දාලා අද ඒ පීඩාව සම්පූර්ණයෙන්ම ජනතාව පිට දාන්න උත්සාහ කරනවා.පැහැදිලිවම ආණ්ඩුව ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වගේම අත්‍යවශ්‍ය සේවාවන් සපයන අයට තෙල් දීමනා වැඩි කිරීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු වෙන්න ඕනේ.ඒ වගේම තමයි ව්‍යවසායකයෝ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර අද විශාල අපහසුතාවයකට මුහුණ දීලා තියනවා.අද තෙල් මිල වගේම විදුලි බිල වැඩිවීම මුහුණ දෙන්න තියෙන අභියෝග මේ සඳහා අන්ඩුවේ විශේෂ වැඩපිළිවෙළ මොකක්ද.සංචාරක ව්‍යාපාරය ඉතින් සංචාරක ව්‍යාපාරය තුළ දැඩි අපහසුතාවයකට කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරය සපයන්නන් වගේම මහා පරිමාණ සංචාරක ව්‍යාපාරය නිරතත වෙන්නන්ටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.තවත් පැත්තකින් ගොවියා ආහාර සුරක්‍ෂතාවය පවත්වාගන්න ආණ්ඩුව ගන්නා වැඩපිළිවෙළ මොකක්ද.පිටින් ගෙනල්ලා කන්න දෙන එකද හෙවනැත්නම් මේ රටේ ගොවියා ශක්තිමත් කරන්න තවදුරටත් ආණ්ඩුවවැඩපිළිවෙලක් ගන්නවද.තවත් පැත්තකින් දිනෙන් දෙන වැඩිවන මේ ජීවන වියදම පාලනය කරගන්න හෝ අඩුම ගානේ හෝ අඩුම ගානේ අඩු ආදායමට ලබන අයට සහනයක් ලබා දෙන්න ආණ්ඩුව මොන වගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්නේ කියනකාරණය පිළිබඳව ආණ්ඩුව කඩිනමින් ක්‍රියාත්මක වෙන්න ඕනේ.බදු පිට බදු මේ රටේ දුප්පත් අහිංසක ජනතාව මත පැටවීම තුල සාධාරණයක් වෙන්නෑ කියන එක මේ ආණ්ඩුව හොඳින් මතක තියාගන්න ඕන.

අඩුම ගානේ මේ අය දානයක් දෙන එකත් ලොකු දෙයක් නේ.මෙච්චර කල් පන්සල් පල්ලෙ ගිහිපු නැති ආගම විශ්වාස කරපු නැති අයනේ.ගරුතර මහා සංඝරත්නයට අපහාස කරපු අය පන්සල් යන එක චිත්‍රපටයක් විදිහට දැකපු අය දාන දෙන එක ෂෝ එකක් විදියට දැකපු අය අලුතෙන් ගෙයක් හදලා ගෙට ගෙවදිනකොට දානයක් දෙන එක ගැන පිරිකරක් දෙන එක ගැන මම සතුටු වෙනවා.එහෙම වෙන්න ඕනෙ ඒක තමයි බුද්ධ ධර්මයේ තියෙන ශක්තිය.එහෙම වෙච්ච එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා."

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.