දිස්ත්‍රික්ක තුනක නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කරයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි තමාට "කිසිදු බියක්" නොමැති බවත්, යුද්ධයට එරෙහිව දිගටම හඬ නගන බවත් අති උතුම් ලියෝ පාප්වහන්සේ පවසා තිබේ.
ඒ ඉරාන ගැටුම කෙරෙහි පාප් වහන්සේ ගේ ස්ථාවරය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා අසාමාන්‍ය හා විවේචනාත්මක ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසුවයි.
න්‍යෂ්ටික අවි හදන එක නිවැරදි කියන මෙන්ම නගරවල අපරාධ සිදුවන එක ගණන් නොගත යුතු බව කියන පාප්වහන්සේ කෙනෙකුට තමන් අකමැති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පාප්වහන්සේ වෙත Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කර තිබේ.
ඇල්ජීරියාවට යන අතරමගදී පාප් වහන්සේ වාර්තාකරුවන්ට පැවසුවේ ට්‍රම්ප් සමඟ විවාදයකට යාමට තමා කැමති නැති නමුත් සාමය ප්‍රවර්ධනය කිරීම දිගටම කරගෙන යන බවයි.
ඉරාන යුද්ධය දැඩි ලෙස විවේචනය කර ඇති පාප්වහන්සේ, ඉරාන ශිෂ්ටාචාරය විනාශ කරන බවට ට්‍රම්ප්ගේ තර්ජනය "පිළිගත නොහැකි" බව පවසමින් ගැටුම අවසන් කිරීම සඳහා "වෙනම මාර්ගයක්" සොයා ගන්නා ලෙස ද ඉල්ලා සිටියහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.