තාවකාලික පදනම මත සේවයට බඳවා ගත් රාජ්‍ය සේවකයින්ට ස්ථිර පත්වීම්
රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ආයතනවල සේවය සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයන් 9,800කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදී සිටින බව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනා අංක 33.11 මඟින් ඔවුන්ට ස්ථිර පත්වීම් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කර තිබේ.