ඇප බඳින්න දඩ ගෙවන්න මුදල් නැතිව තුන්දහසක් නිකරුණේ හිරේ
ඇප මුදල් හෝ අධිකරණයෙන් නියම කළ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 3,371 දෙනෙකු වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල රඳවා සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා විසින් භාවිතයට නොගත් ජනාධිපති මන්දිරවල පසුගිය වසර තුළ පුද්ගලයින් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිර හතේ විදුලිය, දුරකථන සහ අනෙකුත් උපයෝගිතා සේවා සඳහා පමණක් පසුගිය වසරේදී රුපියල් කෝටි 3කට අධික මුදලක් වැය කර ඇත.
එම කාලය තුළ මෙම මන්දිරවල පවත්වා ඇත්තේ රැස්වීම් තුනක් පමණක් බවද වාර්තාව සඳහන් කරයි.
විශේෂයෙන් කතරගම, මහියංගණය සහ බෙන්තොට ජනාධිපති මන්දිරවල කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු නොවූවත්, විදුලිය, දුරකථන සහ අනෙකුත් නඩත්තු පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගණය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර ඇති ජනාධිපති මන්දිර හතක් පවතී.
රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව කොළඹ කොටුව ජනාධිපති මන්දිරය රාජ්‍යතාන්ත්‍රික හමුවීම් සඳහාත්, මහනුවර ජනාධිපති මන්දිරය පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහාත් පමණක් භාවිත කරන අතර, සෙසු ජනාධිපති මන්දිර භාවිතයෙන් ඉවත් කර ඇත.
එසේ වුවද, එම මන්දිරවල නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සඳහා රජයේ මුදල් අඛණ්ඩව වැය කෙරෙන අතර, පසුගිය වසර නවයක කාලය තුළ ඒ සඳහා රුපියල් කෝටි 35කට වැඩි මුදලක් වැය කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, මෙම ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරන්නේ, කමිටු නිර්දේශ අනුව කොළඹ කොටුව සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් මන්දිර ආර්ථිකමය වශයෙන් ඵලදායී ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට රජය ඉදිරියේදී පියවර ගන්නා බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇප මුදල් හෝ අධිකරණයෙන් නියම කළ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 3,371 දෙනෙකු වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල රඳවා සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
බෝර්දෝ ආසන්නයේ පුද්ගලයන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට ප්‍රංශ බලධාරීන් නියෝග කර ඇති අතර, ඒ අනුව, ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැව්ගිනිවලින් පලා යන ලෙස දැනුම් දී ඇති මුළු සංඛ්‍යාව 220,000 කට වඩා අධික ය.
වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තාවක් නිකුත් කරමින් නිවේදනය කරයි.