දුම්රිය මගීන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම සලසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අදත් (18) ක්‍රියාත්මක පසුබිමක මෙම පහසුකම සලසා දී තිබීම විශේෂත්වයකි.

ඒ අනුව, www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ එම පහසුකම සලසා ඇති අතර pravesha ජංගම දුරකථන යෙදවුම (app) ඔස්සේ ද දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවති.

වර්ජනය ක්‍රියාත්මක වුව ද අද (18) මෙන්ම ඊයේ දිනයේදීත් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.