ඇල්ලේ බස් අනතුරෙන් මියගිය ගණන 15ක් දක්වා ඉහළට
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
යුද නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවේ අහම්බෙන් හමුවූ හත් වැනි සමූහ සුසානය බවට සැක කෙරෙන ස්ථානයේ තව දුරටත් මිනිස් අස්ථි පවතීද යන්න සොයා බැලීම සඳහා පොලෝ මට්ටමින් යට පරීක්ෂා කර බැලීම වෙනුවෙන් සකස් කළ අයවැයට මේ වන තෙක් පළාත් බද මහාධිකරණයේ අනුමැතිය හිමිවී නැති බව හෙළි වී තිබේ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළෙන් මිනිස් අස්ථි හමුවීමට අදාල නඩුව සැප්තැම්බර් 02 වැනි අගහරුවාදා මුතුර් අධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වෙනුවෙන් ඉදිරිපත් වු නීතිඥ එම්.එම් නස්ලිම් මාධ්‍යවේදීන් වෙත කියා සිටියේ යෝජිත මුදල් ඇස්තමේන්තුවට මේ දක්වා අනුමැතිය ලැබී නොමැති නිසා නඩු විභායට තවත් සති දෙකකින් යළි විභාගයට ගැනීමට නියමිත බවයි.
"යෝජිත අයවැය අධිකරණයට ඉදිරිපත් කරලා අනුමැතිය සඳහා පළාත් බද මහාධිකරණයට යවලා තිබ්බා. අයවැය සඳහා තවම අනුමැතිය ලබා දී නැති නිසා නඩුව සැප්තැම්බර් 16 වැනි දිනට කල් දැම්මා."
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති භූමිය විනිවිදීමේ රේඩාර් (GPR) යන්ත්‍රය භාවිතයෙන්, තවත් මිනිස් අස්ථි කොටස් ඒ ප්‍රදේශයේ පවතිද යන්න සොයා බැලීම සදහා ස්කෑන් පරීක්ෂාවකට ලක්කිරිම වෙනුවෙන් යෝජිත අයවැය අධිකරණ වෛද්‍ය නිලධාරී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ සාම්පූර් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අත්සන් කර මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ 2025 අගෝස්තු 26 වැනි අඟහරුවාදායි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් MAG ආයතනයට හිස් කබලක් ඇතුලු ඇටකටු 2025 ජුලි 20 වැනි දා මුල්ම වරට හමුව තිබුනි.
මුතුර් ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව අගෝස්තු 6 වැනි බදාදා H M තස්නීම් ෆවුසාන් මුතූර් මහේස්ත්‍රාත්වරියට දැනුම් දී තිබුනේ මිනිස් අස්ථි හමුවු භුමිය රජයේ ඉඩමක් බවත්, එහි විධිමත් සුසාන භූමියක් මීට පෙර පැවැති බවට තහවුරු කළ හැකි සාක්ෂි නොමැති බවයි.
සාම්පුර් වෙරලින් ඇටකටු හමුවූ පිරිමි තිදෙනාගේ මරණය ස්වාභාවික හේතුවකින් සිදුවූ බව නිගමනය කිරීම අසීරු බව අධිකරණ වෛද්‍ය නිලධාරි වෝහාරික විශේෂඥ නිර්මාල් බෝරුක්ගම එදින උසාවියට දැනුම් දී තිබුනි.
ඔවුන්ගේ වයස් සීමාවන්ද අධිකරණයට දැන්වු අධිකරණ වෛද්‍ය නිලධාරීයා තව දුරටත් අවධාරණය කර තිබුනේ ඒ අතරින් දෙදෙනකුගේ අස්ථි එකට හමුව ඇති හෙයින් එම මරණ ස්වාභාවික හේතුවකින් සිදුවූ බවට නිගමනය කිරීම අපහසු බවයි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් MAG ආයතනයට ජුලි 20 වැනි අහඹු ලෙස හිස් කබලක් ඇතුලු ඇටකටු මුල්ම වරට හමුවු ස්ථානය පිහිටා ඇත්තේ සාම්පුර් පොලිස් බල ප්‍රදේශයේ ළමා උද්‍යානය සමීපයේය.
1990 ජූලි 7 වැනි දින ශ්‍රී ලංකා හමුදා විසින් සාම්පුර් ප්‍රදේශයේ සිවිල් වැසියන් අවම වශයෙන් 57 දෙනකු වෙඩි තබා, කපා කොටා පුළුස්සා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර ඝාතනයට ලක් වුවන් අනුස්මරණය වෙනුවෙන් ගම්වැසියන් ස්ථාපිත කළ ස්මාරකයේ සිට මීටර් 50 ක් පමණ නුදුරින් මෙම අස්ථි හමුවී ඇති බව ගම්වාසීහු පවසති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2025 වසරේ ගත වූ පළමු මාස 07 තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.