පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගැන තීරණය සඳුදා

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගැන තීරණය සඳුදා

එළඹෙන සඳුදා (29) දේශපාලන මණ්ඩලය රැස්වී තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබේ.

පොලිස්පති ධුරය හිස්ව නැහැ - දිනේෂ් ගුණවර්ධන ගෙන් විශේෂ ප්‍රකාශයක්

පොලිස්පති ධුරය හිස්ව නොමැති බවත්, ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කළ නොහැකි බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

Read More

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැම්පත් කිරීමේ ගැසට්ටුව ප්‍රකාශයට

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැම්පත් කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

පොලිස්පති අර්බුදය ගැන ජනපතිගේ ස්ථාවරය මෙන්න

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ වෙත නීති උපදෙස් ලැබී ඇත.

Read More

“දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

ඉන්දියාව-ලංකාව සම්බන්ධ කෙරෙන පාලම ගැන සාගල කියයි

ඉන්දියාව සමඟ මෙරට සම්බන්ධතාව වැඩිදියුණු කරමින් පවතින බවත් ඒ අනුව ඉන්දියාව-ලංකාව සම්බන්ධ කෙරෙමින් ඉදිකිරීමට නියමිත පාලම හරහා මෙරටට විශාල ප්‍රතිලාභ ලැබෙන බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක බවසයි.

Read More

මැතිවරණ කාලවලදිත් "උරුමය" ඉඩම් ඔප්පු දීමට සැලසුම්

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවන බවත් එබැවින් මැතිවරණ පැවැත්වෙන කාලයන්හි වුවද අඛණ්ඩව එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

Read More