රාජකාරි පැහැර හරින විදුලි සේවකයින්ට විනය ක්‍රියාමාර්ග
මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් විසින් විදුලි සේවකයින්ට දැනුම්දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ නීතිඥභාවය, ඔහු නීති උපාධිය එංගලන්තෙන් ලබාගත් ආකාරය, ඒ නීති උපාධි සහතිකය සහ නීති විද්‍යාලයට ඇතුලත් වීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මාධ්‍යවලින් මතු කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (19) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"අද උදෑසන සිට අපේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥභාවය පිළිබඳව ඔහු නීති උපාධිය එංගලන්තෙන් ලබාගත් ආකාරය ඒ නීති උපාධි සහතිකය සහ නීති විද්‍යාලයට ඇතුලත් වීම පිළිබඳව වෙබ්සයිට් ගණනාවක ලිපි පල කරලා තියෙනවා විශේෂයෙන්ම අපේ රටේ ගවේෂණශීලී මාධ්‍යවේදිනියක් වන නිර්මලා කන්නන්ගර මහත්මිය ඒ තොරතුරු හෙළි කරලා තිබෙනවා.
එකක් තමයි ඔහු සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනයෙන් ලබාගත් උපාධි සහතිකය ඔහු බොහොම ඉදිරිපත් කරලා තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සඳහා. ඒ උපාධිය නිකුත් කරලා තිබෙන උපාධි සහතිකය නිකුත් කරලා තිබෙන්නේ 2009 සැප්තැම්බර් 15. නමුත් ඒ සහතිකයට අත්සන් කරපු උපකුලපතිවරයා ජුලි 23වෙනිදා ඉල්ලා අස් වෙලා තියෙනවා. එතකොට ඒ උපකුලපතිවරයා ඉල්ලා අස් වෙලා දින 54කට පස්සේ තමයි උපාධි සහතිකයේ උපකුලපති ලෙස ඒ පුද්ගලය අත්සන් කරන්නේ. ඒ නිසා මේ උපාධි සහතිකය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඒ මාධ්‍ය වලින් මතු කරලා තිබෙනවා.
දෙවැනි කාරණය තමයි සාමාන්‍යයෙන් අපේ මෙතන නීතිඥයෝ ගොඩක් ඉන්නවා. එතුමන්ලා දන්නවා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත් වෙන්න ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකක් නැතුව ලෝකයේ පිළිගත් නීති උපාධි ලබා දෙන ආයතන වලින් තමයි ඒ අයට අවස්ථාව තිබෙන්නේ. නමුත් මේ සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ඒ ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ 2009 ඔක්තෝබර් 15. මේ ආයතනයෙන් උපාධිය ගත්තායයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත් වීමට ඉල්ලා තියෙන්නේ 2009 සැප්තැම්බර් 25. ඇප්ලිකේෂන් එක දාපු දවසම නීති විද්‍යාලය ඒක භාර අරගෙන තිබෙනවා සැප්තැම්බර් 25 2009 ඒ ඇප්ලිකේෂන් එක භාර ගන්නකොට හෝ නීති විද්‍යාලයට ඇතුලත් වීම සඳහා මේ කියන සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිළි අරගෙන නැහැ. ඒක පිළි අරගෙන තියෙන්නේ ඔක්තෝබර් 15. ඉතින් මේ ගැනත් මේ වාර්තාවල අවධානය යොමු කරලා තිබෙනවා. තුන්වෙනි කරුණ තමයි ඔහුම සඳහන් කරන හැටියට ඒ උපාධි සහතිකය තියෙන හැටියට ඔහුට තිබෙන්නේ Bachelor of laws with honours class 3 උපාධියක්. තුන්වෙනි පන්තියේ උපාධියක් තමයි ඔහුට තිබෙන්නේ ඒ ඒ කියන්නේ ඒ මට්ටමේ උපාධියක් අරගෙන class 3 එකක් අරගෙන එක්සත්රාජධානියේ නීතිඥ මණ්ඩල වලට ඇතුලත් වෙන්න බැහැ කියන එකත් වාර්තා වෙලා තිබෙනවා.
මීට අදාළව මේ තිබෙන වාර්තා The Mystry of Namal's law degree, No degree certificate in namal's law college ඇතුළු ලේඛන ගණනාවක් තිබෙනවා. මම මේ සියල්ල සභාගත කරනවා. මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්‍යපක්ෂ මැතිතුමා ලන්ච් එකෙන් පස්සේ පරිදි ඇවිල්ලා මේ ගැන පැහැදිලි කිරීමක් කරයි කියලා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් විසින් විදුලි සේවකයින්ට දැනුම්දී තිබේ.
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ ලංකා විදුලි බල මණ්ඩලය මෙතෙක් ඉටු කරන ලද විදුලිය බෙදා හැරීමේ වගකීම Electricity Distribution Lanka (Pvt) Limited (EDL) වෙත පවරා ඇති බව එම සමාගම නිවේදනය කරයි.