ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියූ විට එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ යැයි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකින් දැනුම් දී ඇතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

නාමල් රාජපක්ෂ මේ බව කියා සිටියේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී අද (17) මාධ්‍ය අමතමිනි.

“පැහැදිලිවම ආණ්ඩුව මේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් හෝ පාලනය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.අද එක පැත්තකින් රෝහල් පිරිලා ඉතිරිලා යනවා රෝගීන් නිවෙස් වලට යවන තැනට පත්වෙලා තියෙනවා.අනිත් පැත්තෙන් සුද්ද පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් බහුතරයක් ප්‍රාදේශීය සභා තීයෙන්නේ ජේවීපී එකට. ඉතින් ජේවිපී එකේ ප්‍රාදේශීය සභාවලට වගකීමක් තියෙනවා තමන්ගේ ප්‍රදේශය සුද්ද කරලා මේ සඳහා සූදානම් වෙන්න.ඉතින් අද අපි එහෙම කාරණයක් දකින්නේ නැහැ .සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා කිවුවම ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ දුම් ගහන්න කියලා. මෙහෙම කියන්නෙ කොළඹ අවට එක්තරා ප්‍රාදේශීය සභාවක්. ඉතින් ඒ තැනට මොවුන්ගේ මානසිකත්වය පත්වෙලා තියෙන්නේ.ප්‍රාදේශීය සභාවේ නැත්නම් ආයතනයක වගකීම  රෝගීන් වැඩි වෙනකන් ඉඳලා දුම්  ගහන එකද නැත්නම් රෝගය හඳුනා  ගත්ත අවස්ථාවේම ඒ ප්‍රදේශයේ දරුවෝ ටික ආරක්ෂා කර ගන්නවද විශේෂයෙන්ම කුඩා දරුවෝ.මම හිතන්නේ ආණ්ඩුව මේ පිළිබඳව මීට වඩා මේ ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා පැහැදිලිවම තමාගේ පක්ෂත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය සභා නගර සභා කොළඹ මහ නගර සභාව අර පහුගිය කාලේ ගිහිල්ලා බේරෙ වැව සුද්ද කලා වගේ නෙවෙයි මම දැක්කා නගරාධිපතිනිය මුලදී ඇවිල්ලා බේරේ වැව සුද්දකරලා හොඳට හදනවා කිව්වා. හැබැයි ඉතින් වෙසක් කලාප වලට අපි ගියාට පස්සේ දැක්කා බේරේ වැව සුද්ද කරපු හැටි ඉතින් එහෙම කරොත් ඩෙංගු රෝගය විශාල වශයෙන් දරු පිරිසකට හානි වෙයි. ඉතින් ඒ හින්දා එහෙම නැතුව මේක මර්දනය කරගන්න පාලනය කරගන්න මැදිහත් වෙන්න ඕනේ.”

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.