පුද්ගලයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කිරීම සහ පහර දී තුවාල සිදුකිරීම යන චෝදනාවලට වරදකරු කර සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරට ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයට අදාළව බදුල්ල මහාධිකරණය හමුවේ ඉදිරිපත් කළ ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුවයි.

එහිදී චමින්ද විජේසිරි රුපියල් 50,000ක ඇප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එමෙන්ම ඔහුට විදේශ ගමන් තහනමක් පනවා ඇත.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.