අයහපත් කාලගුණයෙන් ආපදා මරණ ගණන 02ක් : නිවාස 88කට අර්ධ හානි
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
කළු ගඟෙහි කුඩා ගඟ උප දෝණිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (15) පෙ.ව. 8ට නිකුත් කළේය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, තවදුරටත් වර්ෂාව පවතින බවය.
ඒ අනුව ගංගා ජල මාපකවල ජල මට්ටම් සහ වර්ෂා දත්ත විශ්ලේෂණයට අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
මේ හේතුවෙන් කුඩා ගඟ සහ මගුර ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්, රියදුරන් සහ ගංගා ආශ්රිත ප්‍රදේශ භාවිත කරන ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය පියවර ගැනීමට ආපදා කළමනාකරණ අංශ දැනුවත් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.