ඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ, ජාත්‍යන්තර පුරෝකථන ආයතන විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව එය පැහැදිලි වන බවයි.

එල්නිනෝ තත්වයේ බලපෑම මේ වනවිට මෙරට කාලගුණයට බලපෑම් කිරීම ආරම්භ කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ, ඒ අනුව නිරිත දිග මෝසම් වැස්ස අඩු වී ශරීරයට දැනෙන උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.