2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
කොමොරෝස් දුපත් ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් (ජුලි 16 වැනිදා) ඕමාන මුහුදේදී අනතුරට ලක්වීමෙන් එහි සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ගෙන් යුත් කාර්ය මණ්ඩලය අතුරුදන්ව ඇති බව ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර සිටියි.
එලෙස අනතුරට පත්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි සෙසු 13 දෙනා ඉන්දීය ජාතිකයින් වේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ‘ප්‍රෙස්ටීජ් ෆැල්කන්’ නම් වූ මීටර් 117ක දිගින් යුත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බව ඕමාන බලධාරීන් පවසයි.
අනතුරට පත් නෞකාව ගැන තොරතුරු
මෙම නෞකාව ඕමානයේ, රාස් මද්‍රකාහි සිට නාවුක සැතපුම් 25ක් දුරින් වූ මුහුදු කලාපයේ දී පෙරළී ගොස් ඇති බවත් අතුරුදන්ව ඇති නෞකාවේ කාර්ය මණ්ඩලය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ඕමාන සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර ඇත.

‘අතුරුදන්වූ පිරිස ගැන තොරතුරු ලැබුණා’
මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රධානී නිලුක කඳුරුගමුව බීබීසී සිංහල වෙත පැවසුවේ අනතුරට පත්වූ නෞකාවේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිට ඇති බවට ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන බවය.
එමෙන්ම අතුරුදන්වූ ලාංකිකයින් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීම ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදුකරනු ලබන බව ද ඔහු පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහිදී එහි ප්‍රකාශිකාවක් තහවුරු කළේ අනතුරට පත්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිට ඇති බවය.
"මෙම සිදුවීම සම්බන්ධයෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තොරතුරු සොයා බලමින් සිටිනවා. තවමත් සම්පුර්ණ තොරතුරු ලැබිලා නැහැ."
"නමුත් අපට දැනට දැනුම් දීලා තියෙනවා නෞකාවේ සිටි ලාංකිකයින් තිදෙනාගේ නම් ටික. අපි ඒ තොරතුරු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කරල තියෙනවා."
"සිදුවීමෙන් අතුරුදන්වූ ලාංකික කාර්ය මණ්ඩලේ තිදෙනා ලංකාවේ පදිංචිය කොහෙද කියලා සම්පුර්ණ තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කරුණු තහවුරු කිරීමෙන් පස්සේ ලබා දීමක් සිදුකරයි."
"ඊට අමතරව අනතුරට පත්වුණු නැවේ කාර්ය මණ්ඩලයේ 16 දෙනෙක් ඉදලා තියෙනවා. ඒකෙන් 13 දෙනෙක් ඉන්දීය ජාතිකයින්." එම ප්‍රකාශිකාව සඳහන් කළේය.
BBC සිංහල සේවය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.