රටේ ඉන්ධන හිඟයක් ද?
රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පවසයි.
සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
අනුරාධපුරයේ පැවති ව්‍යවසායක හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
"රාජ්‍ය සේවය නඩත්තු කිරීම සඳහා ව්‍යවසායකයින් විසින් නිර්මාණය කළ ධනයෙන් විශාල කොටසක් වැයවෙනවයි කියන එක යථාර්තයක්. අවාසනාවකට වගේ මේ විග්රහයේ වරදක් තියෙනවා. ඔවුන් අකාර්යක්ෂම යැයි සහ බරක් යැයි අපට හැඟෙන අවස්ථාවන් තිබෙන්නේ බොහොම විරල අවස්ථාවන්. ත්‍රිවිධ හමුදාව අපට දැනෙන්නේ නැහැ අකාර්යක්ෂමයි කියලා. වෛද්‍ය ක්ෂේත්රය ගත්තොත් ඔවුන්ගේ වැටුපට සාපේක්ෂව ඔවුන් ලබාදෙන සේවය මොන පැත්තෙන් ගත්තත් විශාල සේවයක්. ගුරු වෘත්තිය සහ විදුහල්පති සේවයත් එහෙමයි. හොඳට වැඩකරන රාජ්‍ය සේවකයාටත් දෙන්න ඕන ප්‍රසාද දීමනා. මූලික වැටුපට අමතරව. අද රාජ්‍ය සේවකයාගේ වැටුප් වර්ධක, උසස්වීම් ලබාදෙන්නේ සේවා කාලය හා විභාග මතම පමණයි. හොඳට වැඩ කළාට කාටත් උසස්වීම් ලබාදෙන්නේ නැහැ රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ වගේ. ඒ නිසා අපේ යෝජිත වැඩපිළිවෙල තුළ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය නිලධාරියෙකු බිහිකිරීමට බලාපොරාත්තු වෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී.
සංවිධානාත්මක පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඝාතනයේ මහ මොළකරු යැයි කියන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 11ක් යොදවා රටපුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.