වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
අනුරාධපුරයේ පැවති ව්‍යවසායක හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
"රාජ්‍ය සේවය නඩත්තු කිරීම සඳහා ව්‍යවසායකයින් විසින් නිර්මාණය කළ ධනයෙන් විශාල කොටසක් වැයවෙනවයි කියන එක යථාර්තයක්. අවාසනාවකට වගේ මේ විග්‍රහයේ වරදක් තියෙනවා. ඔවුන් අකාර්යක්ෂම යැයි සහ බරක් යැයි අපට හැඟෙන අවස්ථාවන් තිබෙන්නේ බොහොම විරල අවස්ථාවන්. ත්‍රිවිධ හමුදාව අපට දැනෙන්නේ නැහැ අකාර්යක්ෂමයි කියලා. වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් ඔවුන්ගේ වැටුපට සාපේක්ෂව ඔවුන් ලබාදෙන සේවය මොන පැත්තෙන් ගත්තත් විශාල සේවයක්. ගුරු වෘත්තිය සහ විදුහල්පති සේවයත් එහෙමයි. හොඳට වැඩකරන රාජ්‍ය සේවකයාටත් දෙන්න ඕන ප්‍රසාද දීමනා. මූලික වැටුපට අමතරව. අද රාජ්‍ය සේවකයාගේ වැටුප් වර්ධක, උසස්වීම් ලබාදෙන්නේ සේවා කාලය හා විභාග මතම පමණයි. හොඳට වැඩ කළාට කාටත් උසස්වීම් ලබාදෙන්නේ නැහැ රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ වගේ. ඒ නිසා අපේ යෝජිත වැඩපිළිවෙල තුළ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය නිලධාරියෙකු බිහිකිරීමට බලාපොරාත්තු වෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.