ඉරාන යුද්ධයට යන ඇමරිකානු ගුවන් යානාවලට ස්පාඤ්ඤ ගුවන වැසෙයි
ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් අවකාශය වසා දමා ඇති බව මැඩ්රිඩ් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා තිබේ.
මැදපෙරදිග කලාපයේ යුද ආතතිය ඉහල ගොස් ඇති බැවින් “ලබා ගත හැකි ඕනෑම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක්" ගෙන ලෙබනනයෙන් පිටවන ලෙස එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
එක්සත් රාජධානිය, ස්වීඩනය, ප්‍රංශය, කැනඩාව සහ ජෝර්දානය ද එවැනිම අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
හමාස් ප්‍රධානී ඉස්මයිල් හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පවරන ඉරානය ඔවුන්ට එරෙහිව “දරුණු” ප්‍රහාරයක් එල්ල කරන බවට පොරොන්දු වී තිබේ.
හමාස් සංවිධානයේ ප්‍රධානි ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදී ඝාතනය කිරීම සහ ලෙබනන් සටන්කාමී සංවිධානයක් වන හිස්බුල්ලාහි ප්‍රධාන අණදෙන නිලධාරියා ඝාතනය කිරීම මැදපෙරදිග කලාපයේ ආතතිය ඉහල නැංවීමට හේතුවී ඇත.
ඉරානයේ පිටුබලය ලබන, ලෙබනනය පදනම් කරගත් හිස්බුල්ලා සංවිධානයට ඊශ්‍රායලයට එරෙහි එවැනි ඕනෑම ප්රතිප්රහාරයක බරපතල භූමිකාවක් ඉටු කළ හැකි යැයි බියපළ කෙරේ.
ඊශ්‍රායලය ට හිස්බුල්ලා ප්‍රහාර
ලෙබනනයේ ක්‍රියාත්මක ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර එල්ලකර තිබේ.
ඊශ්‍රායලය පවසන්නේ සිය "අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය" මගින් රොකට් ප්‍රහාර වැළැක්වීමට සමත්වූ බවයි.
හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සඳහන් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් අවකාශය වසා දමා ඇති බව මැඩ්රිඩ් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.