තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
කෘතීම බුද්ධිය යන සංකල්පය තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් ද පාවිච්චියට ගත් බව අමාත්‍ය සරත් වීරසේකර පවසයි.
අද (24) පාර්ලිමේන්තුවේ “කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය (AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයේ දී ඔහු මේ බව කියා සිටියේ ය.
"මේ කෘතීම බුද්ධිය යන සංකල්පය අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා."
"උන්වහන්සේ මාස තුනක් තව්තිසා දිව්‍යලෝකයේ වැඩ විසුවා. අටුවාවේ සඳහන් වෙනවා ඒ කාලේ තුල උන්වහන්සේ හිමාලයේ අනෝතප්ත විලේ ස්නානය කළා කියල. අනෝතප්ත විලේ ස්නානය කරන ගමන් තව්තිසා දිව්‍ය ලෝකයේ කෘතිමව බුද්ධ රුපය මවලා ඒ තුලින් බණ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ අද AI කියන එක එදා උන්වහන්සේ අධ්‍යාත්මික ශක්තිය යොදවලා කරලා තියෙනවා කියන එක."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.