මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක මූලික විමසීම් දින හයක් පුරා පැවැත්වීමෙන් පසු අද උදෑසන 9.30ට එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන — වැනිදා යළි කැඳවන ලෙසයි.
යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවිය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාය, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති ජෙෆ් අලගරත්නම්, ජනාධිපති නීතිඥ විරාන් කොරයා, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ ලක්ෂාන්ඩයස් ඇතුළු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතාත් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් හතර දෙනකු වෙනුවෙන් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සහ නීතිඥ බිනුර ගුණරත්න මහතාත්, ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් හා නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතාත් කරුණු දැක්වූහ.
ගාලු මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් වන අපරාධ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන්නැයි නීතිපති දැනුම් දුන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස තවදුරටත් තබා ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම ඉල්ලීම පුදුම සහගත බව කරුණු දැක්වීම් අතරතුර දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේය. එසේම ඔහුගේ පත්වීම ව්‍යවස්ථාවට අනුව සිදුවී නැති බවත්, කතානායකවරයා ජනාධිපතිට අදාල තීන්දුව දැනුම් දී ඇත්තේ අනියමාර්තයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙන්වා දුන්නේය. නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති පසුබිමක ඔහු පොලිස්පති ලෙස පත් කිරීම මගින් ජනාධිපතිවරයා මහජන විශ්වාසය කඩ කර ඇති බවයි.
news19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.