එල්නිනෝ තත්ත්වයෙහි බලපෑම ජූලි අගෝස්තු මාසවලදී
එල්නිනෝ තත්ත්වයෙහි දැඩි බලපෑමක් ජූලි අගෝස්තු මාසවලදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට (අප්‍රේල් 02) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එල්නිනෝ තත්ත්වයෙහි දැඩි බලපෑමක් ජූලි අගෝස්තු මාසවලදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඩෙංගු රෝගීන් සීඝ්රයෙන් වාර්තාවීම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.