තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.
පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් තවදුරටත් කටයුතු කරනු ඇති.
මේ වන විට එම ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ගණන ද අඩුකර ඇති අතර රජය පවසන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇති බවය.
කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මාස 06කට වරක් සමාලෝචනය කර, ඒ අනුව ආරක්ෂක විධිවිධාන තර කරන බව ද රජය සඳහන් කළේය.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කළ ද හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට කිසිදු ආකාරයක ගැටලුකාරී තත්වයක් ඇති වීමට ඉඩ නොතබන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින නිලධාරීන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීමත් සමග මෙලෙස ඔවුන්ගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් සංඛ්‍යාව අවම කිරීමට රජය තීරණය කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.