තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ.
ඒ අනුව මෙවර තේරීපත් වූ 146 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් වීම විශේෂත්වයකි.
ඉන් බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරීපත්ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි.
පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 141ක් හිමිවූ අතර ඉන් 130 දෙනෙකුම නවක මන්ත්‍රීවරුන් බව සඳහන් වේ.
සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්‍රී ධුර 35න් 8 දෙනෙකු නවක මන්ත්‍රීවරුන් වන අතර 27 දෙනෙකු මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ද මෙවර පාර්ලිමේන්තුවට එක් නවක මන්ත්‍රීවරයෙකු තේරීපත්ව තිබේ.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් තිදෙනෙකුම නවක මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ද එක් නවක මන්ත්‍රීවරයෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබේ.
කෙසේ වෙතත් නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ තිදෙනාම මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වේ.
පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු ධුර 29ක් පත් කිරීමට නියමිත අතර ඉන් බහුතරය ද නවක මන්ත්‍රීවරුන් වනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙවර පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 150 ඉක්මවා යනු ඇත.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.