ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.
සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සිදු කිරීමේදී පැමිණිලිකාර නීතිඥ සංජීව ඇන්තනීගේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි පැමිණිලිකරුට සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් පහර දීමක් සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී නොමැති බව ගල්කිස්ස පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙන ලදි.
"මම වාහනේ ගන්න කිව්වා මට අනම් මනම් කිව්වා. මම දෙකක් ඇන්නා," යනුවෙන් සිද්ධිය වූ අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයා පවසන වීඩියෝවක් පැමිණිලිකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් සිල්වා 'සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොඩි ගමකින් පැමිණි දුප්පත් මිනිසෙක් බවත්, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ වසර හයක් සේවයේ නියුතුව සිට ඇති බවත් මීට පෙර කිසිදු විනය චෝදනාවකට ලක්වී නොමැති පුද්ගලයෙකු බවටත්' පවසමින් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ඉල්ලා සිටියේය.
සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සීසීටීවී දර්ශන ලබා ගැනීමට ගල්කිස්ස පොලිසිය අවසර ඉල්ලා සිටියද අධිකරණ භූමියේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය අක්‍රීයව පවතින බැවින් සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන කිරීමට හැකියාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.
ඒ අනුව සැකකාර කොස්තාපල්වරයා ඇප මත මුදාහැරීමටත් දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නොවැම්බර් මස 17 වන දින නැවත නඩුව කැඳවීමට නියෝග කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.