ලිට්රෝ ගෑස් සිලින්ඩර 50,000ක් අද වෙළෙඳපොළට
ගෑස් සිලින්ඩර 50,000ක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව නුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අදියර තුන යටතේ ඉවත්වීමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, නුවර දිස්ත්‍රික්කයේ දොළුව සහ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටින්තොට සහ මාවනැල්ල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න සහ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කිරිල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර දෙක යටතේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්ඳකැටිය, හපුතලේ සහ පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නියගම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, නුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, පහතදුම්බර සහ උඩුනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඕවිට සහ දැරණියගල, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, මතුරට සහ හගුරන්කෙත, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කලවාන, ඇහැළියගොඩ සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
මෙයට හෙට පස්වරු හත දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගෑස් සිලින්ඩර 50,000ක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
අකුරේගොඩ ද්විත්ව ඝාතනය සඳහා ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 'පොල්ගස්ඕවිට ඩිලා' නැමැත්තා රඳවා තබා විමර්ශන කෙරෙන බව පොලීසිය පවසයි.
අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.