අයහපත් කාලගුණයෙන් 6ක් මරුට : අයෙක් අතුරුදන්
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා හෙට (05) උදෑසන 9 දක්වා මෙම රතු නිවේදන බලපැවැත්වේ.
රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ පහතින්,
මහනුවර දිස්ත්‍රික්කය
ගඟ ඉහළ කෝරළය
උඩුදුම්බර
පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය
යටියන්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව
නෝර්වුඩ්
මේ අතර අදියර 2 සහ අදියර 1 යටතේද දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2
මහනුවර දිස්ත්‍රික්කය
පන්විල, මැදදුම්බර, උඩපළාත, දොළුව සහ දෙල්තොට
කෑගල්ල දිස්ත්‍රික්කය
අරණායක, දැරණියගල, දෙහිඕවිට සහ බුලත්කොහුපිටිය
නුවරඑළිය දිස්ත්‍රික්කය
තලවකැලේ, නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර, ඕපනායක සහ ඉඹුල්පේ
අනතුරු ඇඟවීමේ මට්ටම 1
කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කය
හඟුරන්කෙත
රත්නපුර දිස්ත්‍රික්කය
නිවිතිගල සහ කුරුවිට
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.