මීගමුව බන්ධනාගාර ගැටුම් සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් පවත්වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට පැවසීය.

"අපේ රජයත් කොයිම අවස්ථාවකවත් මෙම සිද්ධිය අවතක්සේරු කරන්නෙත් නැහැ. සුළුවෙන් තකන්නේ නැහැ මේ බරපතල ඛේදවාචකයක් නොවිය යුතුව තිබුණා. එහෙනම් අපි රජයක් වශයෙන් කුමක්ද ඉස්සෙල්ලම කළ යුත්තේ ඉස්සෙල්ලාම කරගන්න ඕනේ වෙච්ච වැරදීම් වලින් තේරුම් අරන් වැරදි නිවැරදි කරගන්න එක. ඒ නිසා මේ සිද්ධිය ගැන පූර්ණ විමර්ශන මේ වෙනුවෙන් පැවැත්වෙනවා. මේ හරහා තිබුණු සෙකුරටි ලැප්සස් මොකක්ද මේ තත්ත්වය ඉස්මතු වුණේ ඇයි බන්ධනාගාර තදබදයද වෙනත් හේතුවක්ද මේ කියන කරුණු සොයා බලා මෙය නැවත නොවෙන ආකාරයට සකස් කිරීම තමයි අපේ වගකීම විය යුත්තේ. මෙන්න මේ හේතුව හින්දාම මේ වනවිට කැබිනට්ටුව හරහා විශ්‍රාමක විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ජනාධිපති නීතිඥ මෝහන් වීරකෝන් මහතා ගෙන් සමන්විත කමිටුවක් මේ වනවිට ජනාධිපති ලේකම්වරයා විසින් පත් කරමින් පවතිනවා. මේ සියල්ලම සොයාබැලීම සඳහා ඊට අමතරව ප්‍රිසන් ඩිපාට්මන්ට් එකත් මේ වෙනවිට පොලිසියට පැමිණිලක් කරලා. සී අයි ඩී යෙන් විමර්ශනය කරනවා. එතන මොකක්ද වී තියෙනම ප්‍රමාදය බලන්න. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් අභ්‍යන්තර විමර්ශනයක් කරනවා. මාගේ කොටස වශයෙන් හෙට උදෑසන හතයි 30වන විට සියලුම ජ්‍යේෂ්ඨ නිලධාරීන් බන්ධනාගාරවල කැඳවලා තිබෙනවා. මෙතන සිදුවෙච්ච සිද්ධිය ගැන කතා කිරීම සහ මෙවන් තත්ත්වයක් අනිත් සිර ගෙවල් තුළ ඇතිවීම වළක්වන්නේ කොහොමද මොකක්ද මේ වුණ ගැටලුව මොකද මේක තව වෙන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපිට තියෙන වගකීම රජයක් වශයෙන් ඒක මා භාර අරගෙන ඒ ප්‍රශ්න විසදීමට ඉතා උවමනාවෙන් මැදිහත් වෙනවා." 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.