තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි 3 වන වාරිකය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ, ශ්‍රී ලංකාව සමග එළෙඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ඊයේ (12) රාත්‍රියේ අවසන් කිරීමත් සමගයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය යටතේ, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 336ක් පමණ හිමිවීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම මෙරටට ලබාදෙන්නේ අවස්ථා 4ක දීයි.
සමාන වාරික 4 කින් ණය මුදල මෙරටට ලබාදෙන්නේ එක් එක් වාරිකය මුදාහැරීමෙන් පසුව ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසුවයි.
මේ වනවිට ණය මුදලේ වාරික 2ක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 667කි.
තවමත් ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් කලාපයේ
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, තම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යය සාධනය ශක්තිමත් වී ඇති බවය.
2023 දෙසැම්බර් වනවිට සමාජ වියදම් හැර අනෙකුත් ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ද ඔවුන් පැවසීය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ, ණය තිරසරභාවය ඇති කර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් තවමත් ශ්‍රී ලංකා ආර්ථිකය පවතින්නේ අවදානම් කලාපයේ බවයි.
ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුද පෙන්වා දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.