සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි 3 වන වාරිකය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ, ශ්‍රී ලංකාව සමග එළෙඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ඊයේ (12) රාත්‍රියේ අවසන් කිරීමත් සමගයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය යටතේ, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 336ක් පමණ හිමිවීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම මෙරටට ලබාදෙන්නේ අවස්ථා 4ක දීයි.
සමාන වාරික 4 කින් ණය මුදල මෙරටට ලබාදෙන්නේ එක් එක් වාරිකය මුදාහැරීමෙන් පසුව ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසුවයි.
මේ වනවිට ණය මුදලේ වාරික 2ක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 667කි.
තවමත් ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් කලාපයේ
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, තම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යය සාධනය ශක්තිමත් වී ඇති බවය.
2023 දෙසැම්බර් වනවිට සමාජ වියදම් හැර අනෙකුත් ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ද ඔවුන් පැවසීය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ, ණය තිරසරභාවය ඇති කර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් තවමත් ශ්‍රී ලංකා ආර්ථිකය පවතින්නේ අවදානම් කලාපයේ බවයි.
ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුද පෙන්වා දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.