තාවකාලිකව අත්හිටවනු ලැබු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාව අද (20) සිට යළි ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් අද (20) සිට යළි ආරම්භ කර ඇත.

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 17වනදා සිට එම දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුනි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.