ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් තත්ත්වයත් සමඟ මෙම රෝග ව්‍යාප්තිය සිදුව ඇති බවය.
"මේ වන විට ශ්‍රී ලංකාව පුරාම වර්ෂාව ලැබීම් පවතින කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ වර්ෂයේ ඩෙංගු අධි අවදානම් කාල පරිච්ඡේදයක් ගත කරන්නේ. ඒ තත්ත්වය තුළ ඩෙංගුවලට වඩා මිනිසුන්ට පීඩාකාරී රෝග තත්ත්වයක් වාර්තා වෙනවා මාතර ප්‍රදේශයෙන්. විශේෂයෙන්ම මේ මාතර ප්‍රදේශයේ චිකුන්ගුන්යා රෝග රෝග තත්ත්වය ඉතාම බරපතළ විදියට ව්‍යාප්ත වෙමින් පවතිනවා. පසුගිය කාලයේ කොළඔ ප්‍රදේශයේ නාරාහෙන්පිට, කොළඔ ආශ්‍රිතව මේ රෝග තත්ත්වය තිබුණත් පාලනය කර ගැනීමට හැකි වුණා. දැනට මාස කිහිපයක සිට මාතර ප්‍රදේශයේ මේ රෝග තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතිනවා. එසේම මේ තත්ත්වය තුළ රෝග තත්ත්වය පාලනය කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඩෙංගු මදුරුවාට සමාන මදුරු විශේෂය තමයි මේ චිකුන්ගුන්යාවලට ප්‍රධාන වාහකයා වෙන්නේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.