ආමාශය තුළ අයිස් ප්‍රවාහනය කළ අධිවේගී බස් රියදුරෙකු මරුට
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.
ඔහු සඳහන් කළේ වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි මේ වනවිට සකස් කර අවසන් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට කැබිනට් අනුමැතියද ලැබී ඇති බවය.
පළාත් සභා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙම රෙගුලාසි ගැසට් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව දිවයිනේ පවත්වාගෙන යන සියලුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන නව රෙගුලාසිවලට යටත්ව කටයුතු කළ යුතු වන අතර, ලියාපදිංචි නොවූ හෝ නීත්‍යානුකූල නොවන ස්ථානවල වැඩිහිටියන් රඳවා තැබීමෙන් වළකින ලෙස භාරකරුවන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
වැඩිහිටි නිවාස අතර ඇතැම් ආයතන ඉතා හොඳ මට්ටමින් පවත්වාගෙන යන නමුත්, ඇතැම් ස්ථානවල ප්‍රමාණවත් පහසුකම්, ආරක්ෂාව සහ අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
එවැනි ප්‍රමිතියෙන් තොර ආයතන ඉදිරියේදී පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව සීමා පනවමින් ශ්‍රී ලංකාව ඇතුළු අනුමත රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් බඳවා ගැනීම සඳහා කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.