නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ, අද (31) පෙරවරු 8 සිට මෙම වැඩවර්ජනය දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල ආරම්භ කරන බවය.

කෙසේවෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.