ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (27), හෙට (28) සහ අනිද්දා (29) දිනවල අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
ඒ අනුව, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාග සඳහා දෙසැම්බර් මස 07, 08 සහ 09 යන දවස් විකල්ප දින ලෙස ලබා දී ඇත.
අද පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07 වනදාත් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදාත් සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙන බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.
සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ විභාග සම්බධීකරණ මධ්‍යස්ථානයන්හි තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසටය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.