දුම්බර බන්ධනාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම ගැන විමර්ශන ඇරඹෙයි
දුම්බර බන්ධානාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 490කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 424ක් දක්වා ඉහළ යනු ඇති.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 05කින් මිල ඉහළ නැංවෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 397කි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 543ක් දක්වා ඉහළ යනු ඇත.
කෙසේවෙතත් භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුවන්නේ නැත. ඒ අනුව භූමිතෙල් මිල වන්නේ රුපියල් 285 කි.
මෙඅතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සමඟ සමාන කිරීම සඳහා ලංකා අයි.ඕ.සී. (Lanka IOC) සමාගම විසින් 92 ඔක්ටේන් පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ නංවා තිබේ.
ඒ අනුව, මෙතෙක් පවත්වාගෙන ගිය මිල සංශෝධනය කරමින් සිපෙට්කෝ මිල ගණන්වලට සමානව මෙම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.
කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දුම්බර බන්ධානාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ උපදෙස් පරිදි හෙට (2) සිට ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.
නිශ්චිත කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අද (01) සිට අනිවාර්ය කර තිබේ.