මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවේ කොටසක් අද (29) පෙරවරුවේ හදිසියේ ගිලා බැසීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පදික වේදිකාවට යාබදව පිහිටි වෙළෙඳසැලක් ඉදිරිපිට කොටසක් මෙලෙස එක්වරම ගිලා බැස ඇති අතර, එම අවස්ථාවේ එහි ගමන් කරමින් සිටි පිරිසක් අනතුරට ලක්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.